බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ලොව සංචාරය කිරීමට හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට පියවර ගෙන තිබේ.

2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත .

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයකි.

සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page