රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර විගසින් පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.

ඒ පසුගිය ජුනි මස 8 වැනිදා කථානායකවරයා විසින් පත් කරන ලද, රට තුළ ශිඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කලයුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව විසිනි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම කාරක සභාවේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතා කටයුතු කරනු ලබයි.

මහ ජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා legis_com@parliament.lk යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට යොමුකළ හැකිය.

ඒ අනුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව සහ සංවිධානවලට 2023 ඔක්තෝබර් මස 12 වැනි දින හෝ ඊට ප්‍රථම අදාළ යෝජනා හා අදහස් යොමු කළ හැකිබව කාරක සභාව පැවසීය.

මේ සඳහා නියෝජන ලබාදෙන අයගෙන් වාචික සාක්ෂි ලබාගැනීමට කමිටුව අදහස් කරනවිට ඔවුන් අදාල ලිපි ලේඛනද සමග කැඳවීමට නියමිතව ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page