පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යත්ර පරික්ෂණයක් සදහා එක්සත් ජාතීන්ගේ මෙරට පිහිටි කාර්යාලයෙන් ලිඛිත ඉල්ලිමක් සිදු කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

අද පොළොන්නරුවේ පැවති වැඩසහටනකින් අනතුරුව මාධ්‍යවේදීහු මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූහ.

එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ලබන සිකුරාදා උදේ 10.00ට ලියුම භාර දීමට සූදානමින් සිටිය ද එය භාර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා සිය නිවසට පැමිණෙන බව දන්වා ඇති බවයි.

”ලබන සිකුරාදා උදේ දහයට ලියුම බාර දෙන්න යන්න හිටියේ . නමුත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා දන්වලා තියෙනවා ඒක බාර ගන්න මගේ නිවසට එනවයි කියලා. ඒ අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් දැන් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලලා තියනවා. ඒ වගේම බෝම්බ පුපුරන වෙලාවේ හිටපු ශ්‍රී ලංකාවේ ස්වීඩ්න් තානාපතිවරයා ඉල්ලලා තියෙනවා . ඒ වගේම ලංකාවේ සංවිධාන ගණනාවක් මෙහෙ UN එකෙන් ඉල්ලලා තියෙනවා. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන කියලා. ඒ අනුව අපිත් බාර දීලා ඒ ගැන විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කළ යුතුයි කියලා මානව හිමිකම් කොමිෂන් සභාවට”

මෙම සතියේ චැනල් ෆෝ ගැන විවාදයේදී තමා බොහොම තදින්ම කතා කිරීමට අපේක්ෂා කරන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

”මේ සතිය දැන් දවස් දෙකක් පාර්ලිමේන්තුවේ මේ ගැන චැනල් ෆෝ ගැන විවාදයක් තියෙනවා . ඒකෙත් මම බොහොම තදින්ම කතා කරන්නයි ඉන්නේ මේ දැන් අවුරුදු හතරක් මට වද දීලා වද දීලා දැන් තමයි මේවා එළි වේගෙන එන්නෙ. ඉතින් ඒක නිසා මම ඒ ගැන පාර්ලිමේන්තුවේ මේ සතියේ කතා කරනවා”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page