ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම ජ්‍යේෂ්ඨයින් අතර ඉදිරියෙන්ම පසුවන්නේ දුමින්ද දිසානායක මහතා බව ද වාර්තා වේ.

පක්ෂයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ සරත් ඒකනායක මහතා ද දයාසිරි ජයසේකර ද ඒ අතරවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබුව ද එම තනතුරේ වැඩබැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.

ඒ අනුව එම ධුරයේ වැඩ ආරවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පසුගිය සඳුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත්කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් ඉදිරියේ දී ස්ථිර මහලේකම්වරයෙකු පත් කිරීමට නියමිතව පවතින අතර ඒ සඳහා මෙම තරගය නිර්මාණය වී ඇති බව සඳහන්ය.

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සන්ධානයක් බිහිවන්නේ නම් මහලේකම් ධුරය සඳහා දුමින්ද දිසානායක මහතා පත්කිරීම ඉතා සුදුසු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසා ඇත.

අද (19) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් සරත් ඒකනායක මහතා සඳහන් කළේ, කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් සමග එක්ව කටයුතු නොකරනු ඇති බවය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page