හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට එරෙහිව තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (සැප් 25 ) නියෝග කරන ලදි.
සාක්ෂිවලට බලපෑම් කළ බවට කරුණු අනාවරණය නොවන බැවින් මෙලෙස සැකකරුට ඇප ලබා දීමට අධිකරණය නියෝග කලේය.
ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී 2020 වසරේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව පොලිසිය චෝදනා නගා තිබුණි.
