‘දිට්වා’ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැරිම හේතුවෙන් ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ කල් ඉකුත් වී විනාශ වී ඇත …
ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණයකදී මෙ පිළිබඳව හෙළි වී ඇත.
මෙලෙස ජනතාවට ලබා නොදුන් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි කාමර තුනක් පුරා ගොඩගසා තිබෙන අයුරු
එම නිලධාරීන් නිරීක්ෂණය කරන ලදී.
මෙලෙස ගොඩගසා ඇති වියළි ආහාර ද්‍රව්‍ය බොහොමයක් මේ වන විටත් පරිභෝජනයට ගත නොහැකි පරිදි කල් ඉකුත්වී ඇති බව සඳහන්.
