දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, එහි මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු මුදල් ආයෝජන සඳහා රජය විසින් ගෙවනු ලබන පොලී අනුපාත 9% දක්වා පහත හෙළීමට කටයුතු කර තිබෙන බැවින් අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ආකාරයෙන් අඩුවන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කර තිබේ.
මෙම ක්‍රියාව තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසිනි
