අද (28) උදෑසන බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටි කුඩා ලොරි රථයක් අනතුරට පත් විය .

මීටියාගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුරක් සිදු වුණු අතර මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහායකයා මියගොස් ඇත.

රියදුරු බරපතළ ලෙස තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම, උනන්විටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ දුම්රිය සංඥා අක්‍රීයව පැවතීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. දුම්රිය ආරක්‍ෂිත ගේට්ටු මුරකරු එම ස්ථානයේ සිටින අතර වාරයේ මෙම අනතුර සිදුව ඇති අතර මුරකරු පැවසුවේ තමන් ලොරි රථය නතරකරන ලෙස දැන්වූව ද රියදුරු එය නොසලකා රථය ධාවනය කළ බවයි.

මීටියාගොඩ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page