පසුගිය 27 වනදා සිට අතුරුදහන් වුන් තෝමස් චොන්ගම පදිංචි 51 හැවිරිදි ටී.ජී.ප්‍රදීපා නමැති කාන්තාවගේ මළ සිරු සපුගස්කන්ද ප්‍රදේශයේ තිබි සොයා ගන්නා ලදි.

27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

ඒ අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි.

කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපණ ශාලවක් ඉදිරිපිටට පැමිණෙන ඇය, එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.

එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිට ව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත.

ඔවුන් පිට ව යන්නේ, KI 3030 දරන අලු පැහැති මෝටර් රථයකින් වන අතර, එතැන් සිට අදාළ කාන්තාව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.

පසු ව මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.

ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.

ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කර ඇත.

අනතුරු ව ඔහු ගේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගෙන තිබේ.

එමෙන්ම ඇය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව ද ඔහු සඳහන් කළේය.

මේ වනවිට සුධීර වසන්ත නම් 55 හැවිරිදි අදාළ පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය හා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page