ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ සයමස් වියැති බිළිඳියක් මියයෑමේ සිදුවීමට අදාළව අතර දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව අද ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 30 වැනිදා පස්වරුවේ බිළිඳිය නාවමින් සිටින අතරතුර නිවසේ ඇතිකරන සුනඛයා සිය කකුලෙන් ඇල්ලූ බවත්, ඒ සමග තමා කලබලවීම නිසා දරුවාගේ හිස බිත්තියේ වැදුණු බවත් මව එදින පොලිසියට පවසා තිබුණි.

කෙසේවෙතත් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඩී. සමරවීර මහතාගේ නිගමනය කළේ, හිස් කබලට, මොළයට, උරස් කොඳුඇට පෙළට, පපුවට, උදරයට, සහ යටි හනුවලට මොට බලයක් යෙදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

ඒ අනුව ඌරුබොක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page