මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය.
මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත් යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වන බව සදහන් ..
නීතිඥයවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් උතුරු පළාතේ අධිකරණයන් හි දෛණික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩිඅපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන් හි නඩු විභාග කල්දැමීම සිදුවිය.
මුලතිව් දිස්ත්‍රික් නීතීඥයවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.
