අද උදෑසන කොල්ලුපිටියේ දි බස් රථයක් මතට ගසක් කඩා වැටිම හේතුවෙන් සිදු වූ අනතුරෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන 7 දෙනෙකු සිටින බවත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
අද උදෑසන මතුගම ඩීපෝවට අයත් ලංගම බස් රථය මතට ගසක් කඩා වැටිමෙන් මෙම අනතුර සිදු විය.
අනතුර හේතුවෙන් කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාර තුල හා ඒ අවට දැඩී වාහන තදබදයක් පවතින බැවින් ඒම ප්‍රදේශයට ගමන් කිරිමේ අපේක්ෂාවෙන් සිටින අය වෙනත් මාර්ග භාවිතා කරන් ලෙස සදහන් කර ඇත .
මේ වන විට කොළඹ ගිනි නිවීමේ ඒකකය ,නගර සභාව ,අපදා මධ්‍යස්ථානය ,පොලිසිය හ ආරක්ෂක අංශ එම ස්ථානය තුල රැඳි සිටිමින් ගස ඉවත් කිරිමේ කටයුතු සිදු කරනු ඇති බව අප වාර්තා කරු සදහන් කරයි.
