ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියා .

එරාන් වික්‍රමරත්න මහතා මේ බව සදහන් කර සිටියේ , ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස් තිබෙන බවද කියා සිටියා.

වික්‍රමරත්න මහතා තවදුරටත් පවසූවේ, රටේ ආර්ථික අර්බුදය සහ බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත් පාලකයන් මේ ගැන උදාසීන බවක් පළ කිරීම නිසා ගැටළු තවත් තීව්‍ර කෙරෙන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page