අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමට ලක්වු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර කොටසේ වම් පස මංතීරු පමණක් අද සවස 06.00 සිට යළි විවෘත කර ඇත.

මාර්ගය පිරිසිදු කිරීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් පසුව වම්පස මං තිරුව විවෘත කෙරුණි .

වම්පස මංතිරුවේ ඇති කොටස් 2 න් එක් කොටසක් කොළඹ සිට හම්බන්තොට දෙසටත් අනිත් කොටස හම්බන්තොට සිට කොළඹ දෙසටත් යන දෙපසටම රථවාහන ධාවනය සඳහා භාවිත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි .

මාර්ගයේ දකුණු පස තිරූව විවෘත කිරීම පිළිබඳ මේ වන විටත් තීරණයක් ගෙන නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page