පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය කොට්ථාශයේ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් වහාම ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කරිමට කටයුතු කර ඇත .

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පවසන පරිදි පවතින දැඩි වර්ෂාවත් සමඟ නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව මෙම පියවර ගත් බවයි.

මේ වන විට පුද්ගලයින් 768 දෙනකු ඒසේ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කොස්ලන්ද මීරියබැද්ද පවුල් 144ක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද, මහකන්ද පවුල් 23ක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද, දිවුල්ගසමුල්ල පවුල් 81 ක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page