බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .
බිළිදුන් සය දෙනාගෙන් පස් දෙනකු කාසල්වීදිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන අතර, එක් බිළිදෙක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ප්‍රසුත කළ දරුවන් සය දෙනාම පිරිමි දරුවන් වන අතර නිට්ටම්බුව ප්‍රදේශයේ මවක් විසින් මෙම දරුවන් ප්‍රසුත කර ඇති බවත්, දරුවන් හය දෙනාම නිරෝගි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
