ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඉකුත් 2022 වසරේ ජුලි මස 09 වන දින ජනාධිපති මන්දිරයේදී හමුවු රුපියල් මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබේ.
අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙනි ඔවුන් එම තීරණය බව එම කොමිසම කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම්දී තිබුණි.
ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී අරගලය පැවති දිනයකදී මෙම රුපියල් මිලියන 17.85ක මුදල සොයාගෙන ඇත
