විදේශ ශ්‍රමිකයන්ට විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබාදුන් අවසරයෙන් රුපියල් කෝටි එකසිය විස්සක් වටිනා ඉහළ ගණයේ විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක‍්‍රම හා විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සදහන් කරයි .
සිදු කල විමර්ශනයේ දී අනාවරණය වුනේ රුපියල් බිලියන 1.2 ක් පමණ වටිනා ඉහළ ගණයේ විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇති බවයි.
ගෙන්වා ඇති මෙම වාහන වලින් වාහන 75 ක් ගෙන්වා ඇත්තේ ඒකම ආයතනයක් බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
මෙම බලපත්‍රය භාවිතා කොට රටට හොර පාරෙන් විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීම පිළිබඳ වංචනික ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවත් එය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සදහන් කරයි .
විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිතා කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නත් නියෝග කල අතර මේ හරහා රටට අහිමි වූ ධනය පිළිබඳ ගණනය කිරීමක් සිදු කිරීමත් සිදු කල යුතු බව සදහන් කලා .
විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ බලපත්‍රය විධිමත්ව භාවිතා කිරීම පිළිබඳ කම්කරු හා, මුදල් අමාත්‍යාංශ තීරකව කටයුතු කළ යුතු බවට වන මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව අපේක්ෂා කරන බවත් සදහන් කරයි .
