විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි .

එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318 ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38 ක මුදලක් මෙරටට ලැබී ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි .

ඒම කටයුතුවල දි කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම පූර්ණ සහයෝගය ලබාදෙන බවත් පටු දේශපාලන අරමුණු වලට මෙය ආපසු හැරවිය නොහැකි බව ද අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත .

තීරුබදු සහන සහිත ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට දී තිබු බලපත්‍ර 119 ක් අවභාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය කර තිබු අතර
අදාළ වාහනවලින් සියයට 75 ක් එක් සමාගමක් මඟින් මෙරටට ගෙන්වා ඇති බවද ඒහිදි සදහන් කලා . මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව සොයා බැලිමට මේ වන විට කටයුතු කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page