මේරටට සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් 1 ක් සඳහා මෙතෙක් පැවැති සත 25 ක් වු බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.

මෙසේ සීනි සදහා බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 315 ක් දක්වා වැඩි වන බව ද ආනයනයකරුවන් අනාවරණය කරයි .

මීට පෙර සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50 ක ආනයනය බද්දක් පැවති අතර එම බද්ද 2020 ඔක්තෝබර් 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ශත 25 දක්වා අඩු කරනු ලැබීය.

රුපියල් පනහක සීනි ආනයනය බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීම හේතුවෙන් ගත වූ වසර තුන තුල රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page