පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා සි. ඩි වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සති තුනක සේවා දිගුව අද දිනයෙන් අවසන් වීමට නියමිතව ඇත.

පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා පොලිස්පති ධූරයෙන් විශ‍්‍රාම යාමෙන් පසු අවස්ථා තුනකදී සේවා දිගු ලබා දීමට කටයුතු කර ඇති අතර මේ වන විටත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කර නැති බව සදහන් වෙනවා.

වික‍්‍රමරත්න මහතාගේ අවසාන සේවා දිගුව ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කලද පසුව ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව එම සේවා දිගුව ලබා දීමට කටයුතු කළා.

පොලිස්පතිවරයා ලෙස සී ඩී වික්‍රමරත්න මහතාගේ නම යළිත් වතාවක් ව්‍යවස්ථා දායක සභාවට පැමිණියහොත් එය වර්ජනය කිරීමට විපක්ෂයේ නියෝජිතයින් සුදානම්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page