ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇත.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් ඊට පෙර ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් යෝජනා කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතා සුදානම් කිරීමට අපේක්ෂාවෙන් සිටියත් ඊට එරෙහිව ඇති වූ මත බිදීම් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂත්වය ලබාදීමට සිදුවී ඇති බවත් මෙවර ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කල යුතුයි යන්න පක්ෂයේ ජේෂ්ඨයන්ගෙ මතය වි ඇත.
දැනටමත් සෙසු දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කර ඇති නිසා පොදු ජන පෙරමුණ තම අපේක්ෂකයා ප්‍රකාශය කළ යුතු බව ජේෂ්ඨයන්ගේ අදහස වී ඇත.
