අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හදුන්වා දි ඇති විධිමත් ක්‍රම වේදයන්ගෙන් බැහැරව සිසුන් 2237 දෙනෙකු ඇතුලත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාව සදහන් කරයි.

2020 ජනවාරි 01 දා සිට 2022 මැයි 31 කාලය තුල මෙලෙස සිසුන් 2237 දෙනෙකු ඇතුලත් කරගැනිම සිදු කිරීමට එම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට සිදුවි තිබු බවත් ජාතික විගණන කාර්යාලය සදහන් කරයි .

විවිධ පාර්ශවයන්ගේ ඉල්ලිම්, නිර්දේශයන්,අභියාචනයන් හා නියෝග ආදි ලිපිමත මෙලෙස ජනප්‍රිය පාසල් 41 ක් සදහා සිසුන් ඇතුලත් කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ සිටි ලේකම්වරයා විසින් ලිපි නිකුත්කොට තිබුණි.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුලත් කරගැනිම සදහා ලිපි 3,308 ක් නිකුත්කොට තිබුණු අතර නිකුත්කරනු ලැබු ලිපි අතුරින් ලිපි 2367 ක් එනම් සියයට 72 ක් රජයේ ඇමතිවරුන්, මහජන නියෝජිතයින්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය ආදි විවිධ තැනැත්තන් වෙතින් ලද ඉල්ලිම් නිර්දේශයන් අභියාචනයන් හා නියෝග ආදි නියෝජනවලට අනුව නිකුත් කරනු ලැබු ලිපි බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත්කර ගැනිම 2022 මැයි මස 23 දින සිට තාවකාලිකව අත්හිටවුවත් 2022 මැයි 23 දින සිට 2022 ඔක්තෝබර් මස 31 දින දක්වා කාලය තුල වර්තමාන ලේකම්වරයා විසින් ලබාදුන් ලිපි මත ජනප්‍රිය පාසල් 09ක් සදහා සිසුන් 275 දෙනෙකු මෙම වර්ෂයේ ඇතුලත්කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ඒසෙම 2023 වර්ෂයේ අප්‍රේල් මස සිට ජුලි මාසය දක්වා සිසුන් 103 දෙනෙකු ඇතුලත්කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් කරයි .

මෙම තත්ත්වය නිසා අනුග්‍රහයන් නොමැති දෙමව්පියන්ගේ සහ සුදුසුකම් සපුරාලන සිසුන්ට ජනප්‍රිය ලෙස හදුනාගෙන ඇති ජාතික පාසලකට ඇතුලත්විමේ සම ප්‍රවේශ අවස්ථාව අහිමිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page