ශ්රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතාට 2023 “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් අද (15) ඉන්දියාවේ දි පිරිනමනු ලැබුවා.
ඒ අද පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය පලමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදීය.
අරවින්ද සිල්වාට අමතරව අමතරව 2023 වර්ෂය සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය නිවේදනය කරයි .
පසුගිය 13 වනදා 2023 “Hall of Fame” යන විශේෂ ගෞරවය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර ඇති බව ජාත්යන්තර ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
