අපරාජිත ඉන්දීය කණ්ඩායම කඩුලු 6 කින් පරදා 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව හය වතාවක් දිනාගනිම්න් ලෝක ක්‍රිකට් කිරුළ වැඩම වාර ගණනක් දිනාගත් රට ලෙස 2003 සිට මේ දක්වා අඛණ්ඩව තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත් විය
ශූරතාව දිනූ ඕස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධික මුදල් ත්‍යාගයක් ද, අනු ශූර ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදල් ත්‍යාගයක් ද, හිමිවිය.
ටේරවිස් හෙඩ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 120 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කල අතර ඉන්දීය පිල ඕවර 50 තුලදී සියලු දෙනා දැවී ලකුණු 240 ක් ලබා ගැනීමට සමත් විය. (රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 54, කේ. එල්. රාහුල් 66, සූර්යකුමාර් යාදේව් 18, මිචෙල් ස්ටාක් 55/3, පැට් කමින්ස් 34/2, ජොෂ් හෂල්වුඩ් 60/2)
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව ඕවර 43 කදී කඩුලු 4 ක් පමණක් දැවි ලකුණු 241 ක් රැස් කරමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදි. (ටේරවිස් හෙඩ් 137, මානස් ලැබුෂේන් නොදැවී 58, ජස්ප්‍රිට් බුම්රා 43/2)
