ලලිත්,ගාමිණී සහ ප්‍රේමදාස රණ්ඩුවේ ප්‍රතිඵලය එම තුන් දෙනාගෙම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පවසයි .
අප දේශපාලනය කරනවා නම් කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මහතා හා ගාමිණී දිසානායක මැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැති බව පැවසීය
මේ හේතුවෙන් සියලු දෙනා නැති වූ බව කී අබෙිවර්ධන මහතා සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට බව ඔහු සදහන් කර සිටියා .
බාහිර බලවේග මේ ගැටුම් වල වාසිය ලබාගන්නා බවත් වෙනත් විදේශ සංවිධාන මෙවැනි අර්බුදයෙන් ඔවුන්ගේ ජයග්‍රහණය ලබා ගන්නා බවත් වජිර අබේවර්ධන මහතා පවසයි
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වල වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
