එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව වන්නේ ආදායම් කළමනාකරණය සහ බදු ජාලය පුළුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කර ගැනීම බවයි.

ඒ සඳහා මෙරට බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා ඊට 2024 අයවැය මගින් යෝජනා ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පෙන්වා දෙයි.

එබැවින් වැට් බදු අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page