ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා පත්කර තිබේ.

ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර වශයෙන් රාජකාරි සිදුකරන පීරිස් මහතා අද සිට ( 16 ) සිට ක්‍රියාත්මක වන පරිදි මාණ්ඩලික ප්‍රධානී ධුරයේ රාජකාරි ආරම්භ කර ඇත.

එතුමා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා පසු ව යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ, 1988 වසරේ දී ය.

පසු ව එතුමා දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් වී 1990 ජුනි මස 09 වනදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කර ඇත.

යුද හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් හරේන්ද්‍ර පිරීස් මහතා 2021 මැයි මස 07 වනදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page