සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කල අමිත බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සදහන් කරයි.

මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අමිත බණ්ඩාර අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තවදුරටත් සදහන් කර සිටියා.

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හෙට (22) මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page