මහවැලි ගඟ පිටාර ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සදහන් කරයි.

මොරගහ ගඟකන්ද ජලායේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් එයින් පිටවන විශාල ජල කඳ අඹන්ගඟට එකතුවී ඒ ඔස්සේ මහාවැලි ගඟට ගලා ඒම නිසා මහවැලි ගඟ පිටාර ගැලිම සිදුව ඇති බව මහවැලි නිලධාරීහු පවසයි

මේ වනවිටත් පොලොන්නරුව දිස්ත්‍රිකයේ ප්‍රධාන වැව් වන පරාක්‍රම සමුද්‍රය, මින්නෙරිය, කවුඩුල්ල, ඇතුළු ප්‍රධාන වැව් සහ මහවැලි කලාවල කුඩා වැව් සියල්ල පිටාර මට්ටමට පැමිණ ඇතැයි මහාවැලි නිලධාරීහු පවසයි.

සුංගාවිල සෝමාවතී මාර්ගය ද ජලයෙන් යටවී ඇති අතර මේ වන විටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය කීපයේ ජලමට්ටම මීට වඩා වෙනස් විය හැකි බව සඳහන් කරයි

. එසේ වුවහෝත් වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page