ජාතික විගණන කාර්යාලය පසුගිය දා නිකුත් කල නවතම වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30 කට අධික හිඟ ආදායමක් (2022 වසරේ දෙසැම්බර් 31 වනවිට) අයකර ගැනීම පැහැර ඇති බව සදහන් කරයි.
ජාතික විගණන කාර්යාලයේ එම වාර්තාවට අනුව මෙම ආදායම් අයකර ගැනීමට ප්රමාණවත් ක්රියා මාර්ග නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බව ද සදහන් වේ.
ඒ අනුව හිඟ ආදායම ලෙස රුපියල් කෝටි 9 කට වැඩි මුදලක් වසර 10කට වැඩි කාලයක් තිස්සේ ද කෝටි 4කට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේ ද කෝටි 3කට වැඩි මුදලක් වසර 4 සිට 6 දක්වා කාලයක් තිස්සේ ද කෝටි 7කට ආසන්න මුදලක් වසර 1 සිට 3 දක්වා කාලයක් තිස්සේ ද මෙලෙස අය කරගෙන නොති බූ බව ජාතික විගණන කාර්යාලය නිකුත්කල වාර්තාවේ සඳහන් වේ.
