අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

මේ වන ව්ට අඩි 8 ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයන් ආරක්ෂාව සහිතව එහිම රැඳී සිටින බවත් සදහන් වේ.

මේ හේතුවෙන් සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීම සාමාන්‍ය ජනතාවට තාවකාලිකව නවතා ඇති බවත් විහාරස්ථානයේ දෛනික වත් පිළිවෙත් හා බුද්ධ පූජාවන් එහි වාසය කරන සංඝරත්නය පිළියෙල කොට ඔරු මගින් ගොස් සෑ රදුන්ට පූජා කිරීම සිදු කරන බවත් සඳහන් වේ.

අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය, අරලගංවිල මාර්ගය සහ සෝමාවතියට ප්‍රවේශ වන සියලු මාර්ග සම්පූර්ණයෙන්ම ජලය යටවී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page