සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ පසුගිය වසරේ එක් පාර්ලිමේන්තු සතියක කාරක සභා 70ක් පමණ පවත්වා තිබෙනවා – කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරමින් මහලේකම්වරිය පවසයි

නව බලාපොරොත්තු සමග ඉදිරියට යන මොහොතක රට වෙනුවෙන් පැවරී ඇති පොදු වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට පෙළ ගැසෙන ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති නව වසරේ රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් පවසා සිටියා.

අපේක්ෂා නොකළ මොහොතක මුහුණ දීමට සිදුවූ දුෂ්කර කාලපරිච්ඡේදය පසුකරමින් යන ගමනේදී පාර්ලිමේන්තුවේ හා අනුබද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හට රට වෙනුවෙන් ඉටු කිරීමට සුවිශේෂි කාර්ය භාරයක් පැවරී ඇති බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

2024 වසර සඳහා රාජකාරි ආරම්භ කිරීමේ චාම් උත්සවයේදී සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු විය.

මෙහිදී නව වසරට සුබ පැතුම් එක් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසා සිටියේ 2023 වසර තුළ පාර්ලිමේන්තුව දින 105ක් රැස්වූ බවයි. දැනට කාරක සභා 91ක් ක්‍රියාත්මක බවත් සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ එක් පාර්ලිමේන්තු සතියක සාමාන්‍යයෙන් කාරක සභා 70ක් පමණ ගතවූ වසර තුළ පවත්වා ඇති බව ද මහලේකම්වරිය පෙන්වා දුන්නාය.

එසේම පසුගිය වසර තුළ පාර්ලිමේන්තුව සම්බන්ධ දැනුම ලබා ගැනීමට මෙන්ම රැස්වීම් නැරඹීමට ලක්ෂයකට අධික පාසැල් දරුවන් ඇතුළු පිරිසක් පැමිණ ඇති බවද මහලේකම්වරිය පැවසුවාය. ඉන් නොනැවතී පොදු ජනතාවට ‍පාර්ලිමේන්තුව සමීප කිරීම සදහා ආයතනයෙන් පිටත පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් 50කට වැඩි ප්‍රමාණයක් පැවත්වීමට හැකිවූ බව ද ඇය පෙන්වා දුන්නාය. එසේම ගතවූ වසරේදී විදේශ දූත කණ්ඩායම් 150කට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවද ඇය පැවසීය.

‍මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් ‍පැවැත්වීම මෙන්ම මෙකි කටයුතුවලදී අවශ්‍ය පරිපාලනය ඇතුළු සේවා සැපයීම සදහා කැපවීමෙන් කටයුතු කළ පාර්ලිමේන්තුවේ සහ අනුබද්ධ කාර්ය මණ්ඩලයට මහලේකම්වරිය මෙහිදී ස්තූතිය පුද කළාය. එසේම මෙම කටයුතුවලදී නිසි ආරක්ෂාව සපයමින් දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවලට ද ඇය සිය කෘතවේදීත්වය පළ කර සිටියාය.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුද, දෙපා ර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශි ලංකා පාර්ලිමේන්තුව…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page