ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයා ගැනිමට සමත් වු බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

රේගුව 2022 වසරේ රුපියල් බිලියන 708 ක් හෙවත් රුපියල් කෝටි 70,800 ආදායමක් ඉපයූ බවත් එම වසරට සාපේක්‍ෂව 2023 ආදායමේ වර්ධනය සියයට 138 ක් බවත් ඔහු සඳහන් කරයි .

මෝටර් රථ ආනයනය අත්හිටුවා ඇති පසුබිම සහ බොහෝ ආනයන සීමාකර තිබූ වාතාවරණයක් තුළ මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2018 වසරේ ලැබූ රුපියල් බිලියන 923 ක් හෙවත් රුපියල් කෝටි 92,300 මීට පෙර ඉහළතම වාර්ෂික ආදායම ලෙස වාර්තා වී තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page