නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (01) එම ධුරයේ වැඩ ආරම්භ කළේය.
වසන්තා පෙරේරා මහත්මිය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධුර හොබවා ඇති අතර ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස ද කටයුතු කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත.
