පොහොට්ටු පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් මහ ඇමති එස් එම් රංජිත් ට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා පන්නා තිබේ.
මීට පෙර නාවික හමුදාවේද මැදිහත් වීමෙන් ජනතාව සමග සාකච්ඡා කර ආරම්භ කළ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා
ඊයේ (02) දින එහි වතුර පෙරන (ෆිල්ටර්) සවි කර එය විවෘත කිරීමට නියමිතව තිබී ඇත.
ගම්වාසී ජනතාව ඊට සම්බන්ධ වූ පසු එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස් එම් රංජිත් සහභාගී වී ඇත.
නාවික හමුදාවේද මැදිහත් වීමෙන් සිදු කළ කටයුත්තක් සඳහා මොවුන් දෙදෙනා සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධතා දැක් වූ ප්‍රදේශවාසීන් පිරිසක් ඉන් ඉවත් ගොස් ඇති අතර තවත් පිරිසක් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට සහ රංජිත්ට දිගිදින් දිගටම විරෝධය දක්වා ඇත.
එහිදි ජනතාවද දැඩිව විරෝධය දක්වා ඇති අතර ජනතා විරෝධය උත්සන්න වීමත් සමග පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස් එම් රංජිත් ඉන් ඉවත් ගොස් ඇත.
