වැඩි කළ වැට් බද්දට සාපේක්‍ෂව ඇතැම් ඖෂධ සහ උපකරණවල මිල සියයට 25 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සදහන් කරයි
පසුගිය සමයේ ද ඖෂධ සහ ඒ ආශ්‍රිත උපකරණවල මිල ගණන් කීප ගුණයකින් ඉහළ දමා තිබූ අතර අලුතින් වැඩිකළ වැට් බද්දට අනුව එය තවදුරටත් ඉහළ යෑම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්වනු ඇතැයි ද ඔහු සදහන් කරයි
බෝ නොවන රෝග වන හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන මෙරට රෝගීන් විශාල පිරිසක් ඖෂධ ගැනීම අත්හැර ඇති බැවින් එය බරපතළ සෞඛ්‍ය අර්බුදයක් වනු ඇති බවත් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි
