දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 943ක හිඟ බදු ආදායමක් ඉකුත් වර්ෂයේ (2023) ජුනි මස 30 වැනි දා වන විට ලැබීමට තිබූ බැව් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙකී හිඟ බදු ආදායමෙන් රුපියල් බිලියන 767ක මුදලක් විවිධ හේතුන් මත අය කර ගැනීමට නොහැකිව පවතින බව ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අය කර ගත හැකි මුදල රුපියල් බිලියන 175ක් බව සඳහන් කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හිඟ බදු මුදල් ලෙස මෙම වසර තුළ රුපියල් බිලියන 37ක මුදලක් අය කර ගෙන ඇති බව ද සඳහන් කරයි.

2023 වසරේදී රුපියල් බිලියන 1496 ක අපේක්ෂිත ආදායම අභිබවාලමින් 2023 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1548 ක ආදාමක් උපයමින් අපේක්ෂිත ආදායමට වඩා සියයට 103 ක ඉලක්කයක් සපුරාලීමට සමත් වු අතර 2024 වර්ෂයේ දේශීය ආදායම දේපාර්තමෙන්තුවේ ඉලක්ක ගත ආදායම රුපියල් බිලියන 2024 ක් ලෙස දැක්වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page