මෙරට ණයගැති භාවයෙන් පෙළෙන පවුල් ලක්ෂ 31 කට වඩා ප්‍රමාණය අතරින් ලක්ෂ 7කට ආසන්න පවුල් සංඛ්‍යාවක් එම ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා වෙනුවෙන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.

ඔහු පැවසුවේ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තාවකින් මෙය අනාවරණ වී ඇති බවයි.

ආහාර සඳහා ණය ගෙන ඇති පවුල් සංඛ්‍යාව මුළු ණය ගැති පවුල්වලින් සියයට 22..3 ක ප්‍රතිශතයක් බවත් පවුල් 970,000 ක් පමණ උකස් ක්‍රියාවලියෙන් ණය ලබා ගන ඇති බවත් මහාචාර්යවරයා සදහන් කරයි

එමෙන්ම මහාචාර්ය වසන්ත අතුකෝරාල වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා පවුල් 53,200 ක් ණය ලබාගෙන ඇති අතර, බැංකුවලින් පවුල් 97,000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272,250ක්ද මුදල් තැරැව්කරුවන්ගෙන් පවුල් 303,500ක්ද ණය ලබාගෙන ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page