ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බවයි. TIN ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මීට පෙර ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත නිකුත් කිරීමේ දී කටයුතු කළ ආකාරයට ම කාර්යක්ෂම ක්‍රියාවලියක් මෙහෙ දී ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම දැනට මාර්ගගතව ලියාපදිංචිවීමේ අයදුම් පත්‍රය තව දුරටත් කෙටි කිරීම සහ අංකය ලබා ගැනීමට දැන ගතවන දින පහක පමණ කාලය කෙටි කිරීම පිළිබඳ ව මෙහි දී අවධානය යෙමු විය. ඒ අනුව රාජ්‍ය පරිපාලන, දේශීය ආදායම් නිලධාරීන් විසින් ඊට අදාළ නීතිමය පියවර ඉදිරියේ දී ගැනීමට නියමිත ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page