නයන වාසලතිලක මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දි ඇත

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ චමින්ද විජේසිරි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාසලතිලක මහතා මෙලෙස පත් කර තිබේ.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසැල් අධ්‍යාපනය නිම කර ඇති වාසලතිලක මහතා සූපවේදය පිළිබඳව උපාධියක් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් ස්විස්ටර්ලන්තයේදී හදාරා තිබේ. එසේම සූපවේදියෙකු ලෙස වසර ගණනක අද්දැකීම් සහිත ඒ මහතා ඕස්ටේලියාවේදී ප්‍රධාන පෙළේ හෝටලයක සහ ශ්‍රි ලංකාවේ ප්‍රධාන හෝටලයක සූපවේදියෙකු ලෙස සේවය කර තිබේ. නයන වාසලතිලක මහතා මේ වන විට ව්‍යවසායකයෙකු ලෙස දේශීය සහ විදේශීය ව්‍යාපාර කිහිපයකම හිමිකාරිත්වය දරයි.

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසී ඇති වාසලතිලක මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල මැතිවරණ කොට්ඨාසයෙන් මනාප 31,307 ක් ලබාගෙන තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page