අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිග්‍රහ කරමින් දේශන පැවැත් වූ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ප්‍රශ්න කිරීම්වලින් පසු හෙට (16) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින තැනැත්තාව පසුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහු නවාතැන් ගෙන සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන විත් සැකකරු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන සිය බාරයට ගන්නා ලදී

සැකකරු මෙම නිවසට මීට දින 10 කට පමණ පෙර පැමිණි බවත් පසුගිය දින කිහිපය තුළ මෙම නිවසේ අලුයම් කාලය වනතුරු දේශන පැවති බවත් ඊට රැවුල සහ කොණ්ඩ වැවූ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවත් ප්‍රදේශවාසීන් පවසයි .

සැකකරු රැඳී සිටී මෙම නිවස ඔහුගේ ඔස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවට විමර්ශන නිලධාරින්ට තොරතුරු ලැබි ඇත.

අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැත්තා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු අද ( 16 ) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page