ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම නවතම ඒ.- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සදහන් කරයි .

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නව ගුවන් යානය 16 වන පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇති අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ .

පුළුල් බදු සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම් වලට යම් මට්ටමක විසදුමක් ලෙස මෙම නව ගුවන් යානය ගෙනවිත් ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page