ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් සැකපිට පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගැනිණි.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ වසර තුනක් සැඟව සිටි ගලින්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ජාලගත විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි .
සැකකරු උපාධිධාරි ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති අතර දකුණු පළාතේ ප්‍රධාන ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා ලෙසද කටයුතු කර ඇත.
මොහුගේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන් වෙතොත් ඒ එම පුද්ගලයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාලගත විමර්ශන ඒකකය දැනුම් දී සිටින අතර ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම කොට්ඨාසය පියවර ගැනීමට සූදානම් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටි …
