අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අදාල පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් විධිමත් පරිදි පිළියෙල කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) විධිවිධාන පරිදි එම පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .
