ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට නව සන්ධානය ගොඩනැගීම ආරම්භ කර ඇති බවත් වමේ පක්ෂ ඇතුළු ප්‍රධාන පක්ෂවල මංත්‍රීවරුන් සමග සාකච්ඡා අවසන් කර තිබෙන බවත් හිටපු ජනාධිපතිනිය ඒම වගකිම භාර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් සදහන් …

නව සන්ධානයේ සියයට පනහක බහුතර බලය නිදහස් පක්ෂයට ද සියයට පනහක් සන්ධානගත වන අනිකුත් පක්ෂවලට ද ලබාදීමට එකඟතාවට පැමිණ ඇත.

නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට සන්ධානාගත වන නායකයන් තීරණය කර ඇති බවත් ඒ අනුව ගොඩනඟන නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය හෝ පුටුව තෝරා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් සදහන් වේ.

ඒ අනුව සන්ධානගත වන සියලු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර නව සන්ධානයේ ප්‍රධාන රැස්වීම කොළඹදී පැවැත්වීමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය දරන කණ්ඩායම් රැසක් මීට එක්වීමට සිටින බවත් ඔවුන් ද ඉදිරියේ පක්ෂය සමග සන්ධානගත වීමට එකඟතාව පළකර ඇති බවත් සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page