හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුගීෂ්වර බණ්ඩාර තිරණය කර ඇති බව වාර්තා වේ.
මේ වන විට වර්තමාන ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් සිටින ඔහු ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමට පෙර සිටම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත .
ඔහු මෙම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වීමට බවත් ඔහු නිමල් ලංසා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා තිබෙන නව සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
