එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි.

ඔහු මෙසේ කියා සිටියේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පරිසර ඇමති කෙහෙළිය වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කල අවස්ථාවේ දිය.

ප‍්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ආනයනය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් අතර ඔහුට ඇප නියම කරන ලෙස ඉල්ලමින් නීතීඥවරයා මෙලෙස අදහස් පළ කර සිටියා .

ස්වාමිනි මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා පැමිණිල්ල කියනවා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන මෙන් ඉල්ලා සිටිනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page