උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම ප්‍රමාද වුවොත්මෙම වසරේ පැවැත්වීමට ඇති සියලු විභාග කල් යාමේ අවදානමක් ඇති බවත් , මෙම පවතින අධ්‍යාපනයේ ගමන් මඟට බාධා කරන ඕනෑම සුළු සිදුවීමකින් පවා පාසල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි .

විභාග විභාග කල්යාම පමණක් නොව සම්පූර්ණ පාසල් පද්ධතියේම ක්‍රියාවලිය මෙම ක්‍රියා නිසා අඩාල වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා .

මෙම ගැටලුකාරී තත්ත්වය සිදුවූයේ පසුගියදා පැවති විභාගය පිළිතුරු පරීක්ෂා කිරීමේ කටයුතු කටයුතු ගුරුවරුන් තීරණය කිරීමත් හේතුවෙනි .

දෛනිකව ගුරුවරුන්ට ගෙවනු ලැබූ දීමනාව ලබාදීම සම්බන්ධව පවතින ගැටලුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශය නිල නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙවරද කිසිදු ගැටලුවකින් තොරව එම දීමනාව ලබාදීමට පියවර ගන්නා බවයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page