ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත.

කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයා විසින් සිදු කළ ඉල්ලීම අනුවයි.

ඒ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇති අතර ඔහු පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද සහභාගී වනු ඇති බව සදහන් ..

කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇති බැවින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page